Showing posts with label සුද්දෝදන. Show all posts
Showing posts with label සුද්දෝදන. Show all posts

5/31/2011

ගිරිපාද ජනපදය වනාහි ගිරුවාපත්තුවයි.

ජැක්සන් ඇන්තනී ලංකාවේ හොඳයි කියන්නට පුළුවන් නළුවන් කිහිපදෙනාගෙන් එකෙකි. අග්නිදාහය, ගරිල්ලා මාකටිං නැරඹුවානම් ඔබට මෑතක ජැක්සන්ගේ රඟපෑම ගැන කියන්නට හේත්තුහාමිට අටුවාටීකා ඉතුරුනොවනු ඇත. දැන් ජැක්සන් අළුත් රංගනයක් කරයි. ඒ දේශපාලනික රංගයයි. ජැක්සන්ට හොඳ කථිකත්වයක් ඇත. බලන්න ජැක්සන් ගෞතමගෙයි, අති රාජෝත්තම මහින්ද රාජපක්ෂ ශ්‍රීමතානන් ගේ නෑකම ඔප්පු කරන අපූරුව. අදාල වීඩියෝව බලා සිතට එන දේ කිව්වොත් හේත්තුහාමිත් නවතින්නේ ඇසිඩ් බැරලයක් තුල නිසා ඒ පිළිඹඳ විවේචන නරඹන්නන්ට බාරදී මම වීඩියෝ එක දමා මාරුවෙමි..



සුද්දෝදනගේ සහෝදරයා අමිතෝදන
අමිතෝදනගේ දරුවා පණ්ඩුශාක්‍යා
පණ්ඩුශාක්‍යාගේ දියණිය භද්දකච්චායනා
භද්දකච්චායනා පඬුවස්දෙව්ගේ භාර්යාව
පඬුවස්දෙව්ගේ දියණිය උන්මාද චිත්‍රා
උන්මාද චිත්‍රාගේ කුසේ පණ්ඩුකාභය බිහිවේ.
පණ්ඩුකාභයගේ පුත්‍රයා මුටසීව
මුටසීවගේ පුත්‍රයා දේවානම්පියතිස්ස
දේවානම්පියතිස්සගේ සහෝදරයා මහානාග
මහානාගගේ සහෝදරයා යටාලතිස්ස
යටාලතිස්සගේ සහෝදරයා ගෝඨාභය
ගෝඨාභයගේ පුත්‍රයා කාවන්තිස්ස
කාවන්තිස්සගේ පුත්‍රයා ගැමුණු.
රාජෝත්තමයානන්ගේ මීමුත්තා ගැමුණු.
අපේ අක්කාගේ ලොකුපුත්‍රයා මේ වර උසස් පෙල කරයි. ඌ ඔප්පු කරන ගණන් හදන ජිල්මාට් ක්‍රමයක් ඇත. ඌ උඩ සිට පහලට පුළුවන් තාක් ගණන සාදාගෙන යයි. හිරවුන විටදී පහල සිට උඩට ගාණ සාදාගෙන යයි. අවසානගේ දෙක එකතු කරයි. ජැක්සනුත් සිදුකලේ එයදැයි හේත්තුහාමිට සිතේ. නැත්නම් එකපාර ගැමුණු රාජෝත්තමයානන්ගේ මීමුත්තා වුනේ කොහොමද? ගැමුණුට එච්චර ගෞරවයක්!!!!!!

ඉතින් ජැක්සන්....  මේ දේශපාලන ප්‍රවාහයට උඹ අත්‍යාවශ්‍ය ඉත්තෙකි. මොකද ඒ ඉත්තාගෙන් සෑහෙන ප්‍රතිවාදී ඉත්තන් කැපිය හැකි නිසාය. ජැක්සන් උඹ අපිට ආඩම්බරයකි. උඹට කබරගොයා තලගොයා කිරීමට හොඳ හැකියාවක් ඇත. ජැක්සන් කවුද කියා හේත්තුහාමි හඳුනා ගන්නේ රාජෝත්තමයානන් නිසාය. ප්‍රේමතිලකව හේත්තුහාමි හරිහැටි හඳුනා ගන්නේ රාජෝත්තමයානන් නිසාය. මේ දෙන්නෙකු පමනි. තවත් උන් අනන්තවත් ඇත. ඒ කර ගත්තා වූ කුසල බලයෙන් අප මහා මහන්ද රාජපක්ෂ ශ්‍රීමතානන්හට තවත් චිරාත් කාලයක් බලයේ වැජඹෙන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු