Showing posts with label රජයේ රැකියා. Show all posts
Showing posts with label රජයේ රැකියා. Show all posts
5/02/2011
මැයි දිනයට පසු...
ඔන්න මැයි දිනෙත් ඉවරලු. රතු පාට ටී ෂර්ට් එක ඊයේ හවසම හෝදලා දාලා ආයි හෙට වැඩට යනවා. ඒත් තාම මාසෙකට කිරිපිටි පැකට් එකයි ගන්න පුළුවන්. ඊයේ උඳන් මොනාද පටන් ගන්නවා කියලා ලාල් කාන්ත මහත්තයාත් කිව්වා වගේ මතකයි. කොම්පැනිකාරයෝ අපි වැඩ කරන ප්‍රමාණය පාවිච්චි කරලා ඒ වගේ තුන්ගුණයක් විතර ලාබ ගන්නවා. අපි ඉතින් වහල්ලු වගේ වැඩ. හැම එකාම රජයේ රස්සා හොයන්නේ අයිස් ගහන්න පුළුවන් නිසා වෙන්න ඇති. අනික ඉතිං පෙන්ෂන් එකත් තියෙනවානේ. අපේ පොඩි කොලුවා ඉස්කෝලෙ රචනාවකට ලියලා රැකියා කරන්නන් වෙනුවට රැකියා මවන්නන් හදන්න කියලා. මේ ආර්ථික ක්‍රමය යටතේ නම් කරන්න තියෙන්නේ ඒක තමා. දැනට යන ක්‍රමයේ පැවැත්ම තියෙන්නේ එතන. මොකද අපි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හා දාර්ශනික වැඩ කියලා පඩි ගෙවන්නේ නිකංම නිකං මීහරක් රැලකටනේ. මන්ත්‍රීලා කියලා හිටියට අළුත් සංකල්පයක් ඔළුවට එන්නේ සල්ලි ටිකක් අතට මදිවුනාමනේ ආයුබෝං..... ආයි ඉතිං ඊලඟ මැයි දිනයට යනකම් ෂර්ට් එක ඔහේ තිබ්ච්චදෙන්? අව්වෙ කරවුන ටික විතරයි කියලා ගිය අවුරුද්දෙත් හිතුනා. මේ අවුරුද්දෙත් හිතුනා. ලබන අවුරුද්දෙත් හිතෙනවා කියලා දන්නවා. ඒත් අපි මැයි දිනේට යන්න ඕන. මොකද එදානේ කම්කරුවාගේ දවස.....
Subscribe to:
Posts (Atom)