Showing posts with label මහේල. Show all posts
Showing posts with label මහේල. Show all posts
4/15/2011
බඩු මිල අඩු අවුරුද්ද.....
රුපියල් හැටට තිබුන පොල්ගෙඩිය පනහට බැහැලාය. එලවළු මිලත් අඩුවෙලාය. අවුරුදු සීයයකටත් පෙර මෙහෙමයි කියා දිවයින ලොකු මහත්තයෙක් ලියලා ඇත. අපි කම්මැලි වෙලා කියලත් උන්නැහැ කියයි. කිරිකට් තරඟය මහේලලා පරාද විය. මහේල ඒකෙත් ජරාව කෑවාද කියලා දන්නේ නැත. මහේල අයි පී එල් දිනුවා කියලා ජනාධිපතිතුමාට වැඩක් නැති බැවින් අබේසුන්දර මහත්තයාටද ඒකේ වැඩක් නැත. අවුරුද්ද සුබය. ඒ පොල් ගෙඩිය රුපියල් දහයක් අඩුවෙලා ඇති නිසාය. කමකට නැති රටට ආදරේ නැති උන් කලින් පොල් ගණන් ගැන මතක් කරන්නට ඉඩ ඇත. උන්ට කියන්නට ඇත්තේ එකම එක දෙයකි. දිවයින හෝ දිණමින කතු වැකිය බලන්ඩලාකෝ ආයුබෝං.....
4/13/2011
හීනෙන් දැක්කා...
හේත්තු හාමි හරිම අහිංසකය. පුදුම ක්‍රිකට් ලෝලියෙක්ය. ලෝක කුසලානය අස්සේ ගෑස් ගණන් ගියා හේත්තු හාමි දන්නේත් නැතිය. කප් එකේ සිහිනය කුඩු පට්ටම් වී බඩගිනි හැදී ඉවරවෙච්ච ගෑස් එක ගන්නට ගියාම ගෑස් මිල වැඩිවෙලාය. ලොක්කාට බැනගෙන එනකොටම සංගා අයින්වෙලාය. හේත්තුහාමිට දුකය. මහේලත් අයින්වුනාම තවත් දුකය. අරවින්ද අයින්වුනාම හේත්තුහාමිට හාට් ඇටෑක් නොහැදී බේරුනේ අනූ නමයෙනි. එක අතකට සංගා මහේල අරවින්දත් අයින් වුනානම් අපිට ටිකක ගෑස් මිල වැඩිවුනාම මක්වෙනද ආයුබෝං.....!
Subscribe to:
Posts (Atom)