කවුරු බැලුවත් නැතත් හේත්තු හාමි onezerozero බලයි. ඒක මරු වැඩකි. වචන සීයෙන් කතාවක් ගොඩ දාන්නට ගොස් හේත්තුහාමිද වරද්දා ගත්තේය. කියන්න යන කතාව වෙන එකකි.
මේ දවස්වල හොඳ බ්ලොග් කියා ඇත්තේ අල්පයකි. ඒවා නම් වශයෙන් කියන්නට යන්නේ නැත්තේ දන්නෝ දන්නා නිසාය. මුල් දිනවල සිට හේත්තු හාමි බ්ලොග් කියවයි. වර්තමානයේත් හේත්තුහාමිට සාපේක්ෂව කුජීත බ්ලොග් වල සිට හොඳ බ්ලොග්ද කියවයි. හේත්තු හාමි බ්ලොග් ලියන්නේ තම ආතල් එකටය හේත්තුහාමිට මේවා කවුරු බැලුවත් එකය නොබැලුවත් එකය. (හිතේ හිරවෙලා තියෙන අහවල් එක එලියට දාගන්න එකම මදැයි.) දැන් නම් බ්ලොග් ලියන උන් ලියන්නේ කමෙන්ට් හිට්ස් බලාගෙනය පටන් ගත්තුගමන් සින්ඩියකට වඳී. අරයට වඳී මෙයාට වඳී. පස්සේ ලියන්නේ කඳුලු කතාය. ඒවාට පැණි කතා කියලාත් කියන්න පුළුවන. අමතරව මම අරවා කෑවා මේවා කෑවා. මගේ අරහේ රෑෂ් එකක් ආවා ඒක නිසා බ්ලොග් එක ලියන්න බැරිවුනා. ඔයාලාට පාළුද?
දුකට හේතුව මේවා කියවන පාඨකයෝ රැලක් ඉඳීමය.. ඒ නිසා ඔවුන් තව උත්තේජනය වී තව බ්ලොග් ලියයි. බැරිවෙලාවත් කමෙන්ට් නැතිවුනොත් තමන්ගේ පාඨකයන් ගණන පරීක්ෂාවට උන් බ්ලොග් ලිවිල්ල නවතා දමයි. මදි පාඩුවට පාඨකයාට දුක හිතෙන්නට කවියක්ද යොදයි. එතකොට පාඨකයින්ට දුක හිතී "අනේ යන්න එපා කියලා කන්නලව් කරයි." එවිට බ්ලොග් කරුවාගේ සංවේදී හිත උණුවී නැවත ලියන්නට සිත්වී ලියන්නට පටන් ගනී. අනේ අර කමෙන්ට් දාපු උන්ගැන මට අධෝ මුඛයෙනුත් දුක සිතේ.
මේ වර්තමාන ලාබ බ්ලොග් කෙරුවාවය. ලිවීම හොඳ දෙයකි. නමුත් සිරස බ්ලොග් ලිවිල්ල පටන් ගත්තද මීට වඩා වැඩි වෙනසක් නැත.
4 comments:
:D
oh.. not bad
කිව්ව විදිය ටිකක් සැර වුනත් සම්පූර්ණ ඇත්ත හේත්තුහාමිගෙ කතාව. මමත් දැකල තියනව කීප පාරක්ම බ්ලොග් ලිවිල්ල නවත්වන්න ගිහින් (තුන් හතර පාරක් මට මතක හැටියට) පාඨකයො ටික කලඹල ඔන්න දැන් ආයෙමත් යස අගේට ලියන කෙනෙක් ගැන. විකාර කියල තමයි ඉතින් මේවට කියන්න තියෙන්නෙ.
Post a Comment