5/26/2011

ඉලන්දාරියා බ්ලොග්කරුවෙකි.

ඉලන්දාරියා කවුද කියා හේත්තුහාමි දැනගන්නේ ඉලන්දාරියාම ලියූ පෝස්ට් එකකින් පසුවය. මේ සටහන ලියවෙන්නේ ඉලන්දාරියාගේ වියෝව ගැන සාතිශය සංවේගය පල කිරීමට නොවේ. අපි හැමෝටම යන්න වෙන නිසා ඉලන්දාරියාට යන්නට සිදුවිය. ඒ ගැන අද හැම බ්ලොග් එකකම වගේ කඳුලු හැලෙනු ඇත. සමහර කඳුලු විකාර කඳුලුය. සමහර ඒවා ඇත්තටම වැටුන කඳුලුය. ඒවා හේත්තුහාමිට අදාල නැත.
සෑම බ්ලොග් අඩවියකම ශෝක ප්‍රකාශ නිකුත්විය. සමහර ඒවා තමන්ගේ දීප්තිය වැඩි කරගැනීමට ලියවුන ඒවාය. අනික්වා ඇත්තට ලියවුන ඒවාය. වරදක් නැත. තාමත් ලංකාවේ අවමංගල්‍ය පැවැත්වෙන ගෙදර තාප්පය හෝ වැට බැනර් වලින් වැසී ඇත. ඒවායේ ඇත්තේ මාකටිංය. අර කොම්පැනියෙන් ශෝක ප්‍රකාශ නිකුත්කර ඇත. අර සංගමයෙන් ශෝක ප්‍රකාශ නිකුත් කර ඇත. බ්ලොග් වලත් සිදුවී ඇත්තේ මෙයයි. මෙය මාකටිංය. තමන්ගේ බ්ලොග් එකේ ඉලන්දාරියා වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් නිකුත් නොකලේ නම් එය තමන්ගේ බ්ලොග් එකට හොඳ නැත (අනික් එවුන් මොනා හිතයිද?) කියන පැනය මත බොහොමයක් බ්ලොග් වල ඉලන්දාරියා ගැන වචනයක් ලියවුනි. ඒවා බොහොමයක් බොරු ආටෝපයන්ය. තැනක ඉලන්දාරියාගේ කඩවසම් බව ගැන ලියවේ. තැනක ඉලන්දාරියාගේ හොඳ ගතිගුණ ගැන ලියවේ. ඒවාට අනුව නම් ඉලන්දාරියා යනු සාමාන්‍ය මිනිසුන් නොකරන දේවත්වයට ආසන්න චරිතයකි.
ඕනි කෙනෙකුට මේක ඉලන්දාරියාට කරන අපහාසයක් කියා වර්ග කරගන්නට පුළුවන. නමුත් හේත්තුහාමි සඳහන් කලේ මෙහි සිදුවන දේය. අද කාලයේ විකුණනවානම් කඳුලු වුවද කම් නැත. මේ විකුණනවා යන්න සල්ලි වලට විකිණීම පමණක් නොවන බව කිව මනාය.
ඉලන්දාරියාගේ සැත්කමට සියළුදෙනා ඇප කැපවන්නේ සද්භාවයෙනි. ඉන් සෑහෙන මුදලක් බ්ලොග් කරුවන් විසින් සොයා ගන්නා ලදී. ඒ මුදල් සොයන්නේ කර්ණසංඛ බද්ධයකටය. නමුත් අදාල MRI පරීක්ෂණයට පසු මොලේ ගෙඩියක් ලෙස අප හඳුන්වන (Tumour) එකක් නිසා ඉලන්දාරියා රෝහලට ඇතුලත් වන්නේ එය ඉවත් කිරීමේ සැත්කමකටය. ගැටළුව ඇත්තේ මෙතැනය. ඉලන්දාරියාට සැබවින්ම ගැටළුව තිබී ඇත්තේ කර්ණසංඛයේද නැත්නම් ඉලන්දාරියාගේ ශ්‍රවණ ආබාධය තිබී ඇත්තේ උක්ත මොලේ ආබාධය නිසාද? එය සිදුවී ඇත්තේ මොලේ ගෙඩිය නිසා නම් කර්ණ සංඛයේ ආබාධයක් යැයි රෝග නිර්ණය කලේ කවුද?
හේත්තුහාමි සැබැවින්ම සිදුවී ඇත්තේ කුමක්දැයි නොදනී. සටහන ලියවෙන්නේ අදාල සමීපතමයින් සමග සාකච්ඡා කර ගොනුකරගත් කරුණු ඇසුරු කරගෙනය.
කෙසේ වෙතත් දැන් ඉලන්දාරියා නැත. සිදු වූ දේ සිදුවී ඇත. මේ කඳුලු වියලී යාමට මත්තෙන් ඒ කඳුලු වලට අගයක් දීමේ කාලය කාට කාටත් උදාවී ඇත. එවිට ඉලන්දාරියාට සාධාරණයක් ඉටුවනු ඇත. හේත්තුහාමිට කාට සාධාරණයක් වුනත් නැතත් කමක් නැත. ඒත් මෙහි සටහන් වුනේ සිදුවිය යුත්තය.

6 comments:

රොබින් said...

ඔබත් අවසානයේ ලියා ඇත්තේ ඉලංදාරියා ගැනමය. ගැටළුවක් නැත. අවැසි කෙනෙකුට අවැසි දෙයක් ලිවිය හැක. එහි දොසක් නැත.

බ්ලොග්කරැවන් එකතු වී එකතු කල මුදල ඉලංදාරියාගේ කුමන සැත්කමක් වෙනුවෙන් යෙදවූවාද යන්න ගැන ඔබට ඇතිවී ඇති ගැටළුව මගින් ඔබ ඇති කිරීමට උත්සාහ ගන්න පොයින්ට් එක ගැන මට කුකුසක් ඇතිවේ.

" ඔබට සාධාරණයක් උනත් නැතත් " යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද යන්න මට හරියට නොවැටහේ.

මිගාර said...

ඉලන්දාරියාට සැබවින්ම ගැටළුව තිබී ඇත්තේ කර්ණසංඛයේද නැත්නම් ඉලන්දාරියාගේ ශ්‍රවණ ආබාධය තිබී ඇත්තේ උක්ත මොලේ ආබාධය නිසාද?

මොළයේ හටගන්නා ගෙඩි නිසා කණ් ඇසීම නැතිවී යා හැකිය. මෙය සුලබව සිදු වන දෙයකි. උදා. Acoustic Neuroma

Anonymous said...

රොබින්ගෙ තර්කයට අනුව වැරැද්දක් පෙන්නලා දෙන්න වැරැද්දක් ගැන කියන්න බැහැ. ඇයි වැරැද්ද ගැන කතා කරලානේ.

අනේ මෝඩ මීහරකා

කුකුස ඇතිවෙනවනම් හොඳට ගහගනින් පුකේ

sri said...

මගගෙයක් කියන්නේ ගොඩක් දෙනා ඇඩ් දාන ස්ථානයකි. ඒක එලියෙදි වෙන්නේ බැනර් වලිනි. බ්ලොග් අවකාශයේදී කඳුළු පෝස්ටයක් ලිවීමෙන් එය කල හැක. ජනප්‍රිය ඕනෑම කෙනෙකුගෙ මරණය ඒ අර්ථයෙන් විහිළුවක් වේ.

රොබින් said...

@Ano

උඹට කුකුසක් අවාහම එතනද ගහගන්නේ ?. ආතල් දෙන්නේ නැතුව පලයන් යකෝ දෙන්නේ නැතුව.

හේත්තු හාමි said...

බ්ලොග්කරුවන් එකතුකල මුදලට කරපු එකක් ගැන මම කියලා නෑනේ. මම මෙතන කියලා තියෙන එක තේරුම් අරන් තියෙන්නේ වැරදියට. මෙතන මොලේ ගෙඩිය නිසා ඇතිවුන ශ්‍රවණ ආබාධයක් නම් ඇයි කර්ණ සංඛ බද්ධයක් කරන්න යෝජනා කලේ. ඒකයි මෙතන ප්‍රශ්න කරන්නේ. කොහොමත් කවුරු කිව්වත් කාට හොඳක් වුනත් කාට නරකක් වුනත් මට අදාල නෑ ඒකයි මම ඔය කියලා තියෙන්නේ. ඒක ඔබතුමාත් තේරුම් ගන්න බලන්න.