5/24/2011

වෙසක්.. වෙසක් ලාබයි වෙසක්...

මේ පාර පහුවුන වෙසක් කියන්නේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ඒක සම්බුද්ධ ජයන්තියවත් බුද්ධ ජයන්තියවත් වෙන අහවල් එකවත් නෙමෙයි. ඒක නිසා පිලිවෙතින් පෙලගැහුන කවුරුත් ඒක දැනගෙන ඉන්න එක හොඳයි.
ඇයි තාත්තේ මිනිස්සු වෙසක් සමරන්නේ.
පොඩි එකා ඇවිල්ලා ඇහුවෙ නැතෑ ගොන් ප්‍රස්නයක්. මොන කෙංගෙඩියක්ද? හොඳ වෙලාවට සම්බුද්ධත්ව ජයන්තිය නිසා නියම උත්තරයක් ඔළුවට ආවා..
පුතේ බුදුහාමුදුරුවෝ බුදු වෙලා අදට අවුරුදු 2600 ක්නේ ඉතින් ඒක සමරන්න තමා.
බුදුහාමුදුරුවෝ බුදු වුනේ තොරණක් ලඟද තාත්තේ. ඒ වෙලාවටද ලෝකෙට වෙසක් කූඩු පහල වුනේ.
පුදුම කරුමයක්නේ මේක මුන් හැදුවට වැඩිය හොඳයි කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරලා දැම්මානම්.
කවුද මගේ පුතාට ඕවා කියා දුන්නේ.
ජයන්ත අයියා. ඉතිං තාත්තා ඇත්තද බොරුද කියලා කිව්වේ නෑනේ.
ඇත්තටම කල්පනා කරලා බලනකොට මේ තොරන් හොයාගත්තේ කවුද මන්දා? වෙසක් කූඩු කොහෙන් ආපු එකක්ද? වෙසක් කියන එක විකුනගෙන කන්නෙ කොයිවෙලාවෙද කියලා බලන් ඉන්නේ. ඔක්කොම බිස්නස් කාරයොන්ගේ දවස්. වෙසක් දවසේ මාළුකාරයා බඩගින්නේ ඉන්නකොට සව්කොල විකුනන එකා වැඩිපුර හම්බ කරනවා. දන්සල් දෙනවා ආතල් ගන්න වෙසක් කූඩු බලන්න තොරන් බලන්න එන එවුන් ඒවායින් කාලා බීලා යනවා. බාර් වහලා ඒත් කසිප්පු විකුණනවා. 14 වෙනිදට බාර් එකේ පෝලිම හැතැම්මක් දිගයි. මේකද වෙසක් කියන්නේ? මේක තමා නියම මෙව්වා එක.
මම හිතන්නේ මේ ගොන්පාට් ටික දරාගන්න බැරිවෙලා නැගිටින විප්ලවීය නායකයා තමා ඔය මෛත්‍රී බුද්ධ කියලා කියන්නේ. එදාට නියම බුද්ධ දර්ශනය මොකද්ද කියලා අපිත් හිටියොත් දැනගන්න පුළුවන් වෙයි. නැතත් මේක නියම බුද්ධ දර්ශනය නෙමෙයි කියන එක ඕන හරකෙක්ට තේරෙන්න එපැයි.
මොනාද තාත්තේ කල්පනා කරන්නේ.
පුත්‍රයාගේ සද්දෙට මම කල්පනා ලෝකෙන් විසික් වුනා. 
මුකුත් නෑ.
දැන් ගිහින් නිදාගන්න...
මම උත්තරයක් නොදී ෂේප් වෙලා ගියා. හෙට උදේට ඉස්කෝලෙ බුද්ධ ධර්මය උගන්නන එකා උත්තරයක් දෙන්නෙ නැතැයි.

2 comments:

hare :-) said...

ම‍ටනං හිතෙන්නෙ මෛත්‍රී බුද්ධ එන්න තව කල් තියෙනව වෙන්න ඕන. දැන් ආවොත් එහෙම එයාවත් බ්‍රෑන්ඩ් එකක් කරලා ඉන්ටර්නැෂනල් කොම්පැණියක් කරයි එයාගෙ ශාසනේ.. (දැනුත් එහෙම තමයි)

මේ නටන හැලිය කාලයක් තිස්සෙ කෙලවීගෙනම ගිහින් පුපුරලා ගියාට පස්සෙ උන්දැ එයි.

Randika Sedara said...

කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවනෙ... ඉතින් මේ 2600 දි.. තව ගොඩක් දේවල් දැකගන්න ලැබෙයි අපේ ජීවිතේදි