4/15/2011

බඩු මිල අඩු අවුරුද්ද.....

රුපියල් හැටට තිබුන පොල්ගෙඩිය පනහට බැහැලාය. එලවළු මිලත් අඩුවෙලාය. අවුරුදු සීයයකටත් පෙර මෙහෙමයි කියා දිවයින ලොකු මහත්තයෙක් ලියලා ඇත. අපි කම්මැලි වෙලා කියලත් උන්නැහැ කියයි. කිරිකට් තරඟය මහේලලා පරාද විය. මහේල ඒකෙත් ජරාව කෑවාද කියලා දන්නේ නැත. මහේල අයි පී එල් දිනුවා කියලා ජනාධිපතිතුමාට වැඩක් නැති බැවින් අබේසුන්දර මහත්තයාටද ඒකේ වැඩක් නැත. අවුරුද්ද සුබය. ඒ පොල් ගෙඩිය රුපියල් දහයක් අඩුවෙලා ඇති නිසාය. කමකට නැති රටට ආදරේ නැති උන් කලින් පොල් ගණන් ගැන මතක් කරන්නට ඉඩ ඇත. උන්ට කියන්නට ඇත්තේ එකම එක දෙයකි. දිවයින හෝ දිණමින කතු වැකිය බලන්ඩලාකෝ ආයුබෝං.....

4/14/2011

වැඩසටහන් විස්තරය - අළුත් අවුරුද්ද

හේත්තු හාමිට අවුරුද්දට කරන්න දේවල් හුඟක් ඇත.
  • ධර්ම රාජ්‍යයේ ධර්ම ප්‍රචාරණයට ලොකු හාමුදුරුවන්ගේ දෑත් ශක්තිමත් කිරීම 
  • සුපර් ස්ටාර් සීසන් 5ට සින්දු කියන්නට යාම 
  • ක්‍රිකට් ක්‍රීඩකයින්ට පගාව දීම සහ දේශපානය අබේසුන්දරගෙන් ඉගෙන ගැනීම
  • ලොකු කොලුවා විවාද කණ්ඩායමට දැමීමට හඩ්සන් සමරසිංහ මහත්තයා ලඟට ටියුෂන් යැවීම. (අනේ එතුමා සල්ලි ගන්නේ නැති වෙයිද දන්නේ නෑ)
  • සෝමරත්නගේ මහත්තයාගේ ඊ ගාව චිත්‍රපටියේ ඉස්කිරින් ටැස්ට් එකට බාල කොලුවා යැවීම.
  • මෙලෝ වැඩක් බැරි ලොකු කෙලීව ඇප් ඇම් නාලිකාවක නිවේදිකාවක්වත් කිරීම. 
  • ගෑස් ලිපෙන් දර ලිපට මාරු වීමට ගෑණිව දිරිගැන්වීම (ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් යැයි සංගක්කාර දම්මවා කිව්වානම් හරි. ගෑනි සංගාට පණ වුනත් දෙයි)
  • පොල් කිරි නැතුව එළු කිරි දමා ආහාර පිසීම. (නැකතෙන්ම පටන් ගත්තානම් ඉස්තරම්)
මේ ටික කරගත්තොත් නම් මේ අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙයි ආයුබෝං....

4/13/2011

හීනෙන් දැක්කා...

හේත්තු හාමි හරිම අහිංසකය. පුදුම ක්‍රිකට් ලෝලියෙක්ය. ලෝක කුසලානය අස්සේ ගෑස් ගණන් ගියා හේත්තු හාමි දන්නේත් නැතිය. කප් එකේ සිහිනය කුඩු පට්ටම් වී බඩගිනි හැදී ඉවරවෙච්ච ගෑස් එක ගන්නට ගියාම ගෑස් මිල වැඩිවෙලාය. ලොක්කාට බැනගෙන එනකොටම සංගා අයින්වෙලාය. හේත්තුහාමිට දුකය. මහේලත් අයින්වුනාම තවත් දුකය. අරවින්ද අයින්වුනාම හේත්තුහාමිට හාට් ඇටෑක් නොහැදී බේරුනේ අනූ නමයෙනි. එක අතකට සංගා මහේල අරවින්දත් අයින් වුනානම් අපිට ටිකක ගෑස් මිල වැඩිවුනාම මක්වෙනද ආයුබෝං.....!